රංජිත් රාජපක්‍ෂ
දිඹුල පොලිස් වසමට අයත් කොර්මර්ෂල් ප‍්‍රදේශයේ රක්‍ෂිතයක හටගත් ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී තිබේ.
අද (13) පස්වරු 4.00 ට පමණ ඉලූක් සහිත මෙම රක්‍ෂිතයේ හටගත් ගින්න ප‍්‍රදේශයේ පවතින වියළි කාළගුණයත් සමඟම සීඝ‍්‍රයෙන් පැතිර ගොස් ඇත. කිසියම් පිරිසක් මෙම රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බව ප‍්‍රදේශවාසින් පවසයි.