(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම රේන්දපොල ප‍්‍රාර්ථනා බෝධිය ආසනයක් දමා ගොස් සිටි දින හයක් හතක් පමණ වයසැති දැරියක මීරිගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අද (22) මීරිගම මූලික රෝහලට ඇතුලත් කළාය.
දැරිය දමාගොස් ඇත්තේ කුඩා දරුවන්ගේ උපකරණ ගෙන යාමට භාවිතා කරන කුඩා ප්ලාස්ටික් කූඩයකය. අයිතිකරුවකු නැති රෝස පාට ප්ලාස්ටික් කූඩයක් බොහෝ වේලාවක් තිබෙනු දැකීමෙන් පසු එය පරීක්ෂා කිරීමේදී එහි දරුවකු සිටින බව දැන ගැනීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබේ.