දින තුනකට පෙර අතුරුදන්වු සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර වෙල් යායක


( අමදෝරු අමරජීව )

දින තුනකට පෙර අතුරුදහන් වු සිවිල් ආරක්ෂක භටයෙකුගේ මල සිරුර  අද (20) පස්වරුවේ සේරුවිල කාවන්තිස්සපුර  කුඹුරු යායක තිබි සොයාගත් බව සේරුනුවර පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ , සේරුවිල,කාවන්තිස්සපුර පදිංචි මාරසිංහ ආරච්චිලාගේ තිලකරත්න (59) නැමැති අයයි.

ඉකුත් 17දා අලුයම නිවසින්  ගිය මෙම සිවිල් ආරක්ෂක භටයා  සොයා දින තුනක් තිස්සේ  සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.ඒ.එස්.බි.මගලේගොඩ මහතාගේ මෙහෙයවිම යටතේ  පුලුල් පරික්ෂණයක්  සිදුවිය.


මෙසේ මියගොස් සිටි සිවිල් ආරක්ෂක භටයා  කාවන්තිස්සපුර අනු කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියේය.