දික්ඔය නගර සභාවට කුණු ප්‍රශ්නයක්


(රංජිත් රාජපක්‍ෂ)

හැටන් දික්ඔය නගර සභා සීමාවේ කැළි කසල නගර සභාව ඉවත් නොකිරීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් ඇති බවට ප‍්‍රදේශවාසිහු චෝදනා කරති.

මීට පෙර කැළි කසල කුඩාඔය ප‍්‍රදේශයට බැහැර කළ අතර ඊට එරෙහිව ප‍්‍රදේශවාසිහු විරෝධය පල කළහ.

පටු දේශපාලන වාසි තකා රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් හා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා ගැනිමේ අදහසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් මහජන විරෝධයක් මතු කරමින් සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්. පි‍්‍රයදර්ශනි මහත්මිය කියයි.

කැළි කසල බැහැර කිරිමට නව ඉඩමක් හදුනා ගෙන ඇති බවත් එම ඉඩම නගර සභාවට පවරා ගැනිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවත් ඒ මහත්මිය පවසයි.