(සුදත් එච්. එම්. හේවා)
දික්ඔය ඇළ මාර්ගයේ තේ කර්මාන්ත ශාලාවක් අසළ මළ සිරුරක් තිබී අද(21) හමුවී ඇතැයි පොලිසිය කියයි.
මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවද දික්ඔය පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශයේ පුද්ගලයකු හැටන් පොලිසියට කළ දැනුම් දීමක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ තිබේ.
ඒ පිළිබඳව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවද මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවෙන් පසු මළ සිරුර ගොඩ ගෙන වැඩිදුර පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද පොලිසිය කියයි.