දැරිය දුෂණය කළ තරුණයා හය වසරකට පසු අත්අඩංගුවට



 
 
සුමතිපාල දියගහගේ 
 
2012 වසරේදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වසර හයක් තිස්සේ සැඟවී සිටි සැකකරුවෙකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති සැකකරු 2012 ජුලි මස 9 වැනි දා බලහත්කාරයෙන් ඇය පැහැර ගෙන ගොස් දූෂණය කොට වසරක් පමණ අඹුසැමියන් ලෙස එකට ජිවත්වී ඇත. ඒ වන විට සැකකරුගේ වයස අවුරුදු 19 කි.

පසුව මෙම දැරිය පලවා හැර සැකකරුගේ මියගිය සොහොයුරෙකුගේ බිරිඳ විවාහ කර ගෙන ජිවත්වී තිබේ. 

මේ අතර දැරිය පැහැර ගෙන යාම පිළිබඳ ඇගේ දෙමාපියන් හබරාදූව පොලිසියට පැමිණිලි කර තිබේ. 

නමුත් සැකකරු පොලිසියට හසු නොවී සැඟවී ජිවත්ව සිට ඇති අතර උණවටුන ප්‍රදේශයේ කලුගල් වැඩපොළක සේවය කරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හබරාදුව පොලිසිය වෙත බාරදීමෙන් පසු සැකකරු අද (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.