ඩී.ජී.සුගතපාල
බාලවයස්කාර දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම කිරිමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
රුපියල් දස දහසක දඩයක් ද දූෂණයට ලක්වු දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය.
මෙසේ දඬුවම් නියම වුයේ විදානගේ රුවන් කුමාර නමැති විත්තිකරුවෙකුටය.
අහංගම දි 2012 පෙබරවාරි 27 වැනිදා පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කර මාතර ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් විත්තකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබිණි.