(ඔගස්ටින් ප්‍රනාන්දු)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකමින් දැදුරු ඔයෙන් වැලි කියුබ් එකක් පටවා ගෙන ගිය ට්‍රැක්ටර් රථ රියදුරෙකුට හලාවත දිසා විනිසුරු මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ.
ට්‍රැක්ටර් රථ රියදුරු කුමාරකට්ටුව තුක්කිණියාගම පදිංචි නිශ්ශංක ආරච්චිගේ සුජිත් මධුසංඛ (22 ) නමැති අයෙකි.
එක්තරා පරිසර සංවිධානයක් විසින් කර තිබු ඉල්ලීමක් සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැදුරු ඔයෙහි වැලි කැණීම සහ ඒවා ප්‍රවාහනය තහනම් කර තිබුණි.
එම තහනම නොතකා විත්තිකරු වැලි පටවා ගෙන යමින් සිටියදී පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
දිසා විනිසුරුවරයා වැලි තොගය රාජසන්තක කරමින් ට්‍රැක්ටරය මුදා හැර විත්තිකරුට ලක්ෂ දෙකක දඩයක් නියම කළේය.