(ඩී.ජී.සුගතපාල)
වඳුරඹ පොලිස් වසමේ, ලේල්වල වතුයායේ දළඹු විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පවුල් කිහිපයක් තාවකාලිකව ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වතුයායේ කටුපොල් වගාවට ආරක්ෂිත වගාවක් ලෙස ඇති උදුවැල් වගාවට මෙම දළඹුවන් ව්‍යාප්ත වීමෙන් හානි වී ඇතැයි ඔවුහු කියති. ආනයනය කරන ලද උදුවැල් මගින් මෙම දළඹුවන් පැමිණෙන්ට ඇති බවත් දළඹුවන් ඉතා ඉක්මණින් ප්‍රදේශය පුරා පැතිරී යන බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ සම්බන්ධව බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද දැනුවත් කර ඇති අතර මෙම දළඹුවන් විනාශකිරීමට පියවර ගන්නා බව වතු අධිකාරී ඩී. ඒ. එස්. සෙනරත් මහතා ප්‍රදේශවාසීන්ට පවසා ඇත.
මෙම දළඹු උවදුර පිළිබඳව හෙට (28) පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදී සාකච්ඡා කර විසඳුමක් ගැනීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.


