උපාලි ආනන්ද
ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හත් දෙනා ඇප මත මුදා හරින්නැයි නීතීඥයින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා හත් වැනි සැකකරු පමණක් ඇප මත මුදා හරීමට නියෝග කළේය.
ඒ අනුව අත්වැනි සැකකරු ඩබ්ලිව් චමින්ද තිලකරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනම් කළේය.
පළමු සැකකරුගේ සිට හය වැනි සැකකරු දක්වා පිරිස ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් පෙබරවාරි හය වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේ.

