රංජිත් රාජපක්‍ෂ
හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය මගින් පවත්වාගෙන යන දහම් පාසල සති කිහිපයක් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ පවත්වාගෙන යන අතර. දහම් පාසල පවත්වාගෙන යෑමට ශාන්ත ජොන් බොස්කෝ විදුහලේ විදුහල්පතිවරයා ඉඩ ලබා නොදෙන බව එම දේවස්ථානයේ ප‍්‍රධාන පියතුමන් චෝදනා කරයි.
හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය මගින් දීර්ඝ කාලයක් පවත්වගෙන එන දහම් පාසල සති ගණනාවක සිට එම දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ හා හැටන් ශාන්ත ජොන් බොස්කෝ විදුහලේ එළිමහනේ පවත්වාගෙන යෑමට සිදුවී ඇති බව හැටන් ශ්‍රීකුරුස දේවස්ථානයේ ප‍්‍රධාන පියතුමන් වන ලෙස්ලි පෙරේරා පියතුමන් කියයි.
සිංහල, දමිළ, ඉංගි‍්‍රසි ති‍්‍රත්ව භාෂාවෙන්ම දේවස්ථානය මගින් පවත්වාගෙන යන මෙම දහම් පාසලේ සිසු සිසුවියන් හාරසීයයක් පමණ අධ්‍යාපනය ලබන බව පියතුමන් සඳහන් කරයි.
එම පාසල තම දේවස්ථානයට අයත්ව තිබු බවත් එය රජයට පවරා ගැනිමේදි දහම් පාසල පාසල නොපවත්වන දිනයන් වල ලබා ගැනිමට හැකි වන පරිදි ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබියදි වත්මන් විදුහල්පතිවරයා පාසලේ ශාලා දොරගුලූදා වසා දමා යන බව පියතුමන් කියයි.