දරුවා පාසලට ඇතුළු කරගන්නැයි මවක් උපවාසයක


(අනීෂා මානගේ)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළු කර නොගන්නා බව කියමින් මවක්  විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග අද (21) උපවාසයක් ආරම්භ කර තිබේ. 

 ඇය සිය දරුවාව වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ  2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා අයදුම් කර තිබිණි.
 
මෙම මව වීරකැටිය විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින අතර,  දෙවැනි පාසල් වාරය ආරම්භ වුවද දරුවාට මෙතෙක් පාසලක් ලැබී නැතැයි ඇය පැවසුවාය. 

 මව උපවාසයේ නිරත වෙමින් සිටියදී කුඩා දරුවා පාසල් නිල ඇඳුමින්  සැරසී  විද්‍යාලය ඉදිරිපිට සිය මිත්තණිය සමඟ  සිටින අයුරුද දැකිය  හැකිවිය.