ක.ග. කරුණාරත්න
පොළොන්නරුව ප්‍රධාන පාසලක සිසු දරුවන්ගේ දෙමව්පියෝ පිරිසක් අද (14) පොළොන්නරුව නවනගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පමණක් එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ තීරණයට විරෝධය දක්වා සමත්-අසමත් සියලු දරුවන් එයට ඇතුළත් කරගන්නැයි ඉල්ලමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදුණහ.
විරෝධතාකරුවෝ සටන්පාඨ කියමින් නවනගර ශාලාවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාට බාරදීම සඳහා සංදේශයක් ද එහි නිලධාරීන් අතට පත් කළහ.
ඉන් අනතුරුව පොළොන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලයේ බලධාරීන්ට ද ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුහු විසිර ගියහ.






