සනත් ගමගේ
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10), වසර 40 කට වැඩි කාලයක් අවිවාහකව දරුවන් හත් දෙනකු බිහිකළ මව්පිය යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවමින් විවාහ සහතිකය පිරිනැමීමට කටයුතු කළේය.
මෙලෙස නීත්‍යානුකූළ විවාහ දිවියට පත්වූයේ හුංගම, තුඩුව පදිංචිව සිටි විදාන පතිරණගේ ප්‍රේමරත්න (59) සහ තිබ්බොටුව ගමගේ මාලනී (60) නමැති යුවළකි.
නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුළත් නොවූ මේ යුවල පිරිමි දරුවන් හතර දෙනකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ මව්පියෝය.