දරුවකු අපයෝජනය කළ ආපන ශාලා හිමියෙකු අත්අඩංගුවට


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 14හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන 44 හැවිරිදි ආපන ශාලා හිමියෙකු අද(08) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කඩ දොලහ ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වා ගෙන ගිය 44 හැවිරිදි ආපනශාලා හිමියෙකි. මොහු අනුරාධපුර පුලියන්කුලම පදිංචිකරුවෙකි.

අපයෝජනයට ලක්ව ඇති පිරිමි දරුවාද අනුරාධපුර නගරයේම පදිංචි කරුවෙකි.

පියා නොමැති මෙම දරුවා සිය මවත්, සොයුරාත් සමග ජීවත්වන අතර මව අනුරාධපුර මහජන වෙළඳපළේ වෙළදාමේ නිරතව සිටින්නීය.

ආර්ථික දුෂ්කරතා නිසා මෙම දරුවාද පාසල නිමවීමෙන් පසුව සැකකාර ආපන ශාලා හිමිගේ ආපන ශාලාවේ සේවය කරන බව පොලිසිය කියයි. මෙසේ සේවය කරන අතරතුර  සැකකරු මෙම පාසල් සිසුවා ආපන ශාලාව පසුපසට රැගෙන ගොස් ඔහු කිහිපවාරයක්ම අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වු මෙම සිසුවා සිය මවට මේ පිළිබදව කල දැනුම් දීමෙන් පසුව මව විසින් අනුරාධපුර පොලිසියට කල දැනුම්දීම මත සැකකරු මේසේ අත්අඩංගුවට පත්ව තිබුණි.