ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර මහතා බ්‍රහස්පතින්දා (13) මිය ගියේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 60 වැනි වියේ පසුවිය.
ඇමැතිවරයාට අමතරව ගායන ශිල්පී කිත්සිරි ජයසේකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් රූපකුමාර ජයසේකර, ඕමානයේ සේවය කරන කීර්ති කුමාර ජයසේකර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දිනසිරි සිසිර කුමාර ජයසේකර, කුරුණැගල පදිංචි උපගුරු ශ්‍රියානි කුමාරි ජයසේකර යන පිරිසගේ වැඩිමහල් සොයුරා නන්දසිරි පුෂ්පකුමාර මහතාය.
දේහය නො.17/2, මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය දන්වා සිටී.දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (15) සවස මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.