(කාංචන කුමාර ආරියදාස)
වර්තමානයේ දේශපාලඥයන් විවිධාකාරයෙන් මංකොල්ලකෑම් සූරාකෑම හොරකම් කිරීම් සිදු කරන බව රටම දන්නා බවත් ඒ සියලු දෙනාම කිසිදු තරාතිරමක් නොබලා ජනාධිපතිවරයාගේ කිසිදු සමාවක් නොලැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පැවසුවාය.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වර්තමානයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය හදිසියේ නොදන්වා දඹුල්ල මූලික රෝහලට පැමිණ සිටීම විශේෂත්වයකි.
දඹුල්ල මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා අවසානයේදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය.
දඹුල්ල මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ව අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් වෙන් කොට ලබා දී තිබෙන බව ද ඇය සඳහන් කළාය.
දඹුල්ල මූලික රෝහල නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බව ඇය සිදුකල සොයාබැලීමේදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිණි. රෝගීන් දෙදෙනා තුන්දෙනා බැගින් එක ඇදක ප්‍රතිකාර ලබන බවත් බාහිර රෝගී අංශයේද දැඩි තදබදයක් ද ඇයට දැකගන්නට හැකිවිය.
ජනාධිපති වරයාගේ කඩිනම් අවධානය යොමුවී දඹුල්ල මූලික රෝහල ඉක්මනින් ඉදි කොට ජනතාවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා විවෘත කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සියලු උපදෙස් නිරන්තරයෙන් ජනාධිපතිවරයා විසින් තමන් වෙත ලබාදෙන බවද සඳහන් කළාය.
මේ අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ශාන්ති සමරසිංහ දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානායක යන මහත්වරු ඇතුළු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.