දඹුලු ඔයේ අලි සිරුරක්


(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

දඹුලු ඔයේ තිබී මියගිය කෙනරකගේ මළ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටින කෙනරගේ සිරුර කෝන්පලයාගම ප්‍රදේශයේදී දඹුලු ඔයේ තිබියදී වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.

හක්කපටස් ආහාරයට ගැනීමෙන් එම කෙනෙර මිය යන්නට ඇති බවට වනජීවී නිලධාරිහු අනුමාන කරති.

මිය ගිය කෙනරගේ සිරුර වැටී තිබෙන ස්ථානය ආසන්නයේ තවත් අලියෙකු සැරිසරමින් සිටීමද විශේෂත්වයකි.

මියගිය කෙනරගේ සිරුර දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන්ද එම ස්ථානයට පැමිණි අතර එම කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (05) පැවැත්වීමට නියමිත බව ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීහු පවසති.