(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ 2019 දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් අද (7) සම්මත විය.
2019 වසරේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව අයවැය ලේඛනය සභාපති කේ.ජි. සෝමතිලක මහතා විසින් ඉදිරිපත් කළේය.
පැය තුනක පමණ කාලයක් අයවැය යෝජනා පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට බඳුන් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනාගේම සහයෝගය අත ඔසවා අයවැය ලේඛනය සම්මත කිරීම විශේෂත්වයකි.
ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන් මොරේමඩ මහතා බෙදීමක් නොමැති බව ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ සියලුම මන්ත්‍රීවරුන් අයවැය ලේඛනයට සහයෝගය දක්වන බව වාචිකව ද ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.