දඩයමේ ගිය හතර දෙනාට 220000ක දඩ


ක ග කරුණාරත්න
 
බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වෙඩි බෙහෙත්   රැගෙන නීති විරෝධීව  මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවූ බව කියන සිව් දෙනකුට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද රුපියල් 220000ක දඩ නියම කළාය.

 
වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු  ලැබූ එම සිව් දෙනා වදර පිළිගත් අතර එක් අයකුට   55000  බැගින් වන පරිදි දඩ නියම විය.