(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල නෙළුව වත්ත රක්ෂිතයේ වන සතුන් දඩයමේ ගිය පුද්ගලයකු මෙරට නිෂ්පාධිත ගිනි අවියක් සමග අද (26) ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරවෙල නෙළුවවත්ත ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් එකක තරුණයෙකු මෙසේ ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු බණ්ඩාරවෙල නෙළුව වත්ත රක්ෂිතයේ සැරි සරන බවට ඇටම්පිටිය පොලීසියට ලද තොරතුරක් අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියත් සමග මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.