රොමේෂ් මධුෂංඛ
දඩයමට ගොස් ආපසු නිවසට නොපැමිණි මුලතිව් කොක්කුතුඩුවායිහි වැසියකුගේ මළ සිරුරක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඊයේ(15) සවස සොයාගත් බව කෝකිලායි පොලීසිය පවසයි.
13 වැනි දා දඩයමේ ගොස් ඇති කනකයියා උදයකුමාර් නමැති මෙම පුද්ගලයා පසුවදා (14) නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ නැගණිය කෝකිලායි පොලීසියට පැමිණිලි කර ඇත.
දඩයම්කරුවන් විසින් සතුන්ට අටවන ලද විදුලි රැහැන්වල ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක කරන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරන බව පැවසීය.