දකුණේ සියලු සතිපොළ සති දෙකකට වහයි


(ජේ.කේ.එල්.චාමින්ද)

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49ක් පවතින අතර මෙකි ආයතන මගින් පවත්වාගෙන යන සතිපොළවල් මෙසේ වසා දමා ඇත.