(ජේ.කේ.එල්.චාමින්ද)
උද්ගතව පවත්නා තත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
මේ දකුණු පළාත් සභාව විසිරවනු ලැබ ඇති අවස්ථාවක රට තුළ උත්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබාදීම පිළිඳව මෙම සමුළුවේදී කරුණු දැක්වීමට නියමිතව ඇතැයි දකුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සභාපතිවරයාගෙන් කරනු ලැබූ මෙම ඉල්ලීමට අනුව දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මෙසේ රැස්වීමට නියමිතය.
මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ද සහභාගීවීමට නියමිතව ඇති බව දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඒ.ජී.සී පියසිරි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ මෙම මස 21 වැනි දින උදේ 9.30 ට මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

