(ඩී.ජී.සුගතපාල)
ජනවාරි සිට මේ දක්වා ගතවු කාලය තුළ දකුණු දිග මුහුදේ සිදුවු අනතුරුවලින් ධිවරයින් හත් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු අතුරුදන්වි තිබේ.
අතුරුදන්වු ධිවරයින් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව වරාය පොලිසිය පවසයි.
ජනවාරි මස 10 වැනිදා හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගිය “නදිෂා 2“ යාත්‍රාව නැවක හැපි අනතුරට පත්විමෙන් ධිවරයින් දෙදෙනෙකු මිය ගොස් තවත් ධිවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව තිබේ.
ජූනි මස පළමු වනදින ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය “ජයලත් 10“ යාත්‍රාවේ ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇති අතර අගෝස්තු 27වනදින ගාල්ල ධිවර වරායෙන් ගිය “ධනුෂ්ක“යාත්‍රාවේ සිටි ධිවරයෙකුද මුහුදට වැටි මියගොස් ඇත.
මේ මස 12 වනදින බේරුවල ධිවර වරායෙන් ගිය “මළිඳු පුතා“යාත්‍රාව නැවක හැපි ධිවරයින් හතර දෙනෙකු මියගොස් ඇති අතර තවත් ධිවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇත.