දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
දකුණු පළාත් සභාව ඇතුළු කාලය අවසන් වීමෙන් මේ වන විට අක්‍රීයව  ඇති සියලු පළාත් පාලන ආයතන සඳහා වහාම මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අද (28) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළහ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් ප්‍රමුඛ මන්ත්‍රීවරු පිරිසක් මේ අවස්ථාවට එක්වු අතර ඔවුන්ගේ ඉල්ලීමට සවන් දුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ තමන් ඇතුළු මැතිවරණ කාර්යාලය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සුදානම් බවත් ඒ සඳහා තමන් සැදී පැහැදී සිටිනා බවයි. 

'මේ ආණ්ඩුව පිස්සු බල්ලෙක් වතුරට කොයි තරම් බයද ඒ තරමට මැතිවරණ වලට බයයි. ඒක නිසා අපි ජනතාව එක්ක පාරට බැහැල හරි ඉතා ඉක්මණින් කොහොම හරි පළාත් පාලන මැතිවරණයක් පවත්වන්න කියල රජයට බල කරනවා' යැයි හිටපු මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා මෙහිදී කියා සිටියේය.