(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ඇතුළු තම නිල නාමය යටතේ පවත්වා ගෙන ගිය සියලු විශේෂ විමර්ශන ඒකක වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ක්‍රියා කළ බව දකුණු හා සබරගමුව පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.
විශේෂයෙන්ම අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් එවැනි ඒකකයක් ස්ථාපිත කරන බවත් එය ද පවත්වාගෙන යන්නේ තම සෘජු අධීක්ෂණය යටතේ පමණක් බවත් ඔහු කීය.
යාපනයේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා තමා විශේෂ විමර්ශන ඒකකයක් පවත්වා ගෙන ගිය බවත් ඒ හැර දකුණු හා සබරගමුව පලාත්වල එවැනි ඒකකයක් ආරම්භ කිරීමට මේ දක්වා අදහස් කර නොමැති බවත් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
ඒ අනුව මීට පෙර පවත්වා ගෙන ගොස් තිබු දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ඇතුළු තම තනතුර යටතේ පැවති සියලු ඒකක විසුරුවා හැර ඒවායේ හි නිලධාරීන් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.
මේ අතර දකුණු හා සබරගමුව පළාත් බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ පවත්වාගෙන ගිය විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනා රත්ගම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.