ලංකාවේ පළමු වරට ඇරඹූ දක්ෂිණ ළමා පළාත් සභාවේ තෙවැනි සභාවේ ආරම්භක සැසිවාරය වක්වැල්ල කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
දකුණු පළාත් සභාවේ ආකෘතියට සමානව පවත්වන මෙම ළමා පළාත් සභාව වයස අවුරුදු 14-15ත් අතර දරුවන්ගෙන් තෝරා ගන්නා ලද කණ්ඩායමකින් සමන්විත අතර විශ්ව ළමා දිනයට සමගාමීව පටන් ගෙන වසර පුරා පවත්වාගෙන යයි.