දක්ෂිණ අධිවේගීයේ එළවළු ලොරියක් පෙරැළි දෙදෙනෙකුට තුවාල


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 22 කලුතර උතුර ප්‍රදේශයේදී එළවළු තොගයක් රැගෙන යමින් තිබූ ලොරියක් උඩුකුරුව පෙරළීමෙන් රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබූහ.

මෙම අනතුර හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් මාතර දෙසට ධාවනය වෙමින් පැවති වාහන වෙත බාධා ඇති විය.


දඹුල්ල සිට එළවළු රැගෙන යමින් සිටි ලොරියේ පිටුපස වම්පස රෝදය පිපිරීමෙන්  රාත්‍රියේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.


රියදුරු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇත. රියදුරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් ලොරියට බරපලත අලාභ හානි සිදුවී ඇත.


දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.