ජුඩ් සමන්ත
දංකොටුව - පන්නල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන යකඩ ගේට්ටුවක වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබු පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව දංකොටුව පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ දංකොටුව - කැරන්වත්ත , ඉසුරු උයනේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයකු බව දන්කොටුව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර දංකොටුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දංකොටුවේ සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මරුට
Recommended Articles