(සඳලංකාව - හේමලතා ඩී හේවගේ /පුත්තලම - ජුඩ් සමන්ත)
දංකොටුව - යෝගියානලමොටෑමුල්ල ප්‍රද්‍ෙශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් තම බාරයට ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී ඇත.
බෝර දොලහේ ගිණි අවි 02 ක්, පතොරොම් 35 ක්, ටී 56 ජීව උණ්ඩ 12 ක් සහ තවත් ගිණි අවියක කොටස්
අත්අඩංගුවට ගත් ගිනි අවි අතර විය.
නීති විරෝධී ලෙස මත්පැන් ගබඩා කර ඇති බව කියන ස්ථානයක් සම්බන්ධයෙන් ලද තොරතුක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එම ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙක් පලා ගොස් ඇත.
සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.