(සුමතිපාල දීයගහගේ )
කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ නීතී විරෝධීව තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (28) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සකස් කරන ලද ලෑලි තොගය ලොරියේ තට්ටුවේ දමා ඒවා කෙසෙල් කොල සහ කෙසෙල් කැන්වලින් වසා තිබූ බව පොලිසිය පවසයි. මෙම දැව තොගය රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා බවද අනාවරණයවී ඇත.
ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ සිට කොළඹට මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් තිබු තිබී ඇති අතර අනවසරයෙන් රක්ෂිතවලින් කපා දැව තොගය කොළඹට ගෙන යන යමින් තිබු බවද තොරතුරු අනාවරණය වී ඇත.