තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට


 

 
(රෝවන් පෙරේරා) 

කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේ අතුරු මාර්ගයක ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (22) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

කරුවලගස්වැව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති  බවත් රියදුරු වාහනය දමා පලා ගිය බව පොලීසිය කියයි.

පොලිස් බාරයට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට වැඩි ඇතැයි පොලිසිය පවසයි.

මෙම දැව ජාවාරම කාලයක පටන් සිදුකර ගෙන ගිය එකක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

ලොරි රථය සහා දැව තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.