(ජේ කේ එල් චාමින්ද සහ රවී ලියනගේ )
තේ පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් යක්කලමුල්ල කළුදියවල ප්‍රදේශයේ තේ ගොවීහු අද (24) උදෑසන කලුදිය වල ප්‍රදේශයේ දී විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවො සටන් පාඨ සහිත වැකි ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තේ ඉඩමක් තුළ මෙකී විරෝධතාවෙහි නිරතව සිටියහ.
තේ පොහොර ලබා දෙන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටියහ
මෙකී විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ මහතා ද එක්ව සිටියේය .