සුමතිපාල දීයගහගේ
අහංගම කබලානේදී අද (4) අලුයම සිදුවූ රිය අනතුරක තුවාලකරුවන් රෝහලට ගෙන යෑමට උදව් කරමින් සිටියදී එම ස්ථානයේදීම වෙනත් කුඩා ලොරි රථයක හැපී තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිගම කඩේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහමඩ් නිසාර් නැමැති 44 හැවිරිදි අයෙකි.
මාවනැල්ල උසාවියේ පැවති නඩුවකට පෙනී සිටීම සඳහා මොහු තම වෑන් රථයෙන් මාවනැල්ල බලා යන විට කබලානේ සිදුවී තිබු මෙම අනතුර දැක වෑන් රථය නවතා තුවාලකරුවන් රෝහලට ගෙන යෑමට උදව් කරමින් සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.