(ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ නගරයේදි අද (9) බෝර දොලහේ තුවක්කුවක් සහිතව කැබ් රථයකින් ගමන් ගත් තිදෙනෙකු ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි ඔවුන් ලග තිබී ජීව උණ්ඩ එකොලහක් හිස් පතොරොම් කොපු දෙකක් පොරවක් පිහියක් වාහනේ බැටරියට සවිකල හැකි ඩ්‍රැගන් ලයිට් එකක් විදුලි පන්දමක් හා කඹයක් සොයා ගත හැකිවී තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුවන් පන්නල වයික්කාල හා වෙන්නප්පුව ප්‍ර දේශවල පදිංචි කරුවන් වේ. මොවුන් දඩයමේ යාමට ඇතැයි පොලිසිය සැකකරනු ලබන අතර සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.