තිරප්පනේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට


(දයාරත්න ඇඹෝගම)

 

අනුරාධපුර සිට තිරප්පනේ බලා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් තිරප්පනේ නගරයේ වටරවුමේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 54 ,ජයමාවත, අවුකන යන ලිපිනයේ පදිංචිව සිටි විජේසුන්දර දිසානායක මුදියන්සේලාගේ උදාන සුගිස්වර බංඩාර දිසානායක (35) යන අය වේ. 

අනුරාධපුරයේ සිට තිරප්පනේ බලා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථය තිරප්පනේ නගරයේ වට රවුමේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටීමෙන් එහි වම්පසට බරපතල හානි සිදුවි ඇති බවත් මින් වම්පස ආසනයේ ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යන අවස්ථාවේදි මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.