තියුණු ආයුධයකින් ඇන ව්‍යාපාරිකයකු ඝාතනය කරලා


(දීපාල් ද සිල්වා)

ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසළදී කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතිබව ඇල්පිටිය පොලිසිය පැවසීය. 

මියගොස් ඇත්තේ කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජසේවකයෙකු ද වන, 46 හැවිරිදි දෙදරු පියකු වන පේදුරුහේවා සෝමතික නමැත්තෙකි
 
ඊයේ රාත්‍රි⁣යේ යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී ඔහුට තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
 
මළසිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබේ.