තාප්ප වල මනාප අංක අඳිමින් සිටි 9 ක් අත්අඩංගුවට


(සමන් පාලිත නානායක්කාර)

මාර්ග දෙපස තාප්පවල  තීන්ත වලින් මැතිවරණයට අදාළ මනාප අංක අඳිමින් සිටි බව කියන නවදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය කියයි.

මහ මැතිවරණය  සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින දමිළ අපේක්ෂකයින් දෙදෙනෙකු ගේ මනාප අංක මෙසේ අඳිමින් සිට ඇත.

සැකකරුවන් හාලිඇල, වැලිමඩ, ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

ඔවුහු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.