(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ඇල්පිටිය තානායම්කන්ද මාර්ග සකස්කර දෙන ලෙස ඉල්ලමින් අද (09) උදැසන ගම්වාසිහු මහමග ටයර් පුළුස්සමින් සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවුහ.
ඇල්පිටි අම්බලන්ගොඩ මාර්ගයේ පොලිසිය ඉදිරිපිටින් වැටි ඇති තානායම්කන්ද මාර්යේ මිටර් 600ක් වු කොටස සකස්කර දෙන ලෙස ඉල්ලමින් ගම්මුන් මෙසේ විරෝධතාවයට එක්ව සිටියහ.
උදෑසන හතේ සිට දහය දක්වා පැය තුනක පමණ කාලයක් විරෝධතාකරුවන් මෙකි විරෝධතාවයේ නිරතව සිටි අතර පසුව ඇල්පිටිය ප්‍ර දේශිය ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට සහභාගී වුහ.
එහිදී ගත් තීරණයකට අනුව මෙම මස 14 වැනදින පැවැත්වෙන ඇල්පිටිය සම්බන්ධිකරණ කමිටු රැස්විමට මාර්ගය සම්බන්ද යොජනාව ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බවට ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණි.