තාත්තා පොලිසියේදීම පුතාට ගැසීයයි අත්අඩංගුවට


(ජුඩ් සමන්ත)

පවුල් ආරවුලක් විසදන අතර තුර පොලිස් ස්ථානය තුළදී තම පුතාට ජංගම දුරකථනයකින් පහර දුන්  සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - නයිනමඩම පදිංචිකරුවෙකි.

පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ල විභාග කරමින් සිටින අතර තුර සැකකරු තමා අත තිබූ ජංගම දුරකථනයෙන් දරුවාට පහර දී ඇත.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.