ත්‍රීරෝද රථ හිමි ඝාතනය කළ වරදට දෙදෙනෙක්ට මරණ දඬුවම



(ඔගස්ටින් ප‍්‍රනාන්දු)                                                          

ත‍්‍රි රෝද රථ ගාලක දී ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක දී ත‍්‍රී රෝද රථ හිමියකු ඝාතනය සිදු කිරිමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයකුට හා තවත් ත‍්‍රී රෝද රථ හිමියකුට හලාවත මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.

මෙසේ දඬුවම නියම  වුයේ කටුනේරිය ඔරුවැල්ල පාරේ පදිංචි දඹගේ ශ‍්‍රීමාල් ජයජීව ප‍්‍රනාන්දු නමැති අයෙකි.

2003 ඔක්තෝබර් 26 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේදී කටුනේරිය ඔරු වැල්ල ප‍්‍රදේශයේ දි වර්ණකුලසුරිය මර්වින් පිලිප් නේරි තිසේරා නමැති දෙදරු පියාට පිහියකින් ඇණ ඝාතනය කිරිමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.