ත්‍රී රෝද - මෝටර් රථ අනතුරින් සිසුවෙක් රෝහලේ


(චන්දන ජයවීර)

මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබු පාසල් සිසුවෙක් දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි හැටන් පොලිසිය පවසයි.

හැටන් දික්ඔය ප්‍ර‍ධාන මාර්ගයේ ගාමිණිපුර ගම්මානයට පිවිසෙන ස්ථානයේ දික්ඔය ප්‍රදේශයේ සිට හැටන් දක්වා පාසල් සිසුන් ප්‍ර‍වාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් හා හැටන් සිට දික්ඔය දෙසට ධාවනය කරමින් තිබු මෝටර් රථයක් අද පෙරවරු 7.10 ට පමණ මෙලෙස එකිනෙක ගැටි තිබේ.

ත්‍රී රෝද රියේ සිටි වයස අවුරුදු 18ක සිසුවෙක් තුවාල ලබා ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනාට සුළු සීරිම් තුවාල හා රියදුරාගේ පාදය සුළු වශයෙන් තැලිමකට ලක්වි ඇත.