ත්‍රි’මලේ මාලු ව්‍යාපාරිකයෝ ගෙවීම් පැහැර හරිති



අමදෝරු අමරජීව
 
ත්‍රිකුණාමලය තොග මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයේ  මාලු ලෑලි කුලී පදනම මත ලබා දීමෙන් 2018 අගෝස්තු 31 වැනි දා ලංකා ධීවර සංස්ථාවට අයවිය යුතු රුපියල්  4,136,075/-ක මුදලක්  මාලු ව්‍යාපාරිකයෝ  ගෙවීම් පැහැර හැර ඇති බව ධීවර සංස්ථා ගිණුම් වාර්තාවල සදහන් වේ.
 
මාලු ව්‍යාපාරිකයන් ලංකා ධීවර සංස්ථාව හා බැදි ගිවිසුම් මගින් මාසික කුලී පදනම මත මාලු වෙළදාම් කිරිම සඳහා ලබාදුන් මාලු ලෑලි වලට  මාසික කුලිය නිසි පරිදි ගෙවීම පැහැර හැරීම නිසා ධීවර සංස්ථාවට මෙම මුදල අහිමි වී ගොස් තිබේ. 


මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ  මාලු ලෑලි 62ක්  ඇති  අතර ඉන් 54ක් කුලී පදනම මත වෙළදුන්ට ලබාදී ඇති අතර  ඉන් ගෙවීම් පැහැර හැර ඇති වෙළදුන් ගණන  26 දෙනෙකි.
 
ඉන් වැඩිම මුදලක් ගෙවිමට ඇති ව්‍යාපාරිකයන් හයදෙනෙකු සම්බන්ධයෙන්  නිතිමය පියවර ගැනිමට  ධිවර සංස්ථාව කටයුතු කරමින් සිටින අතර  එම හයදෙනා ගෙන් පමණක් සංස්ථාවට අයවිය යුතු මුදල  රුපියල් 1,553,700/-කි.