(අමදෝරු අමරජීව)
ඉඩම් ගැටළුවක් විසඳීම සඳහා ලිපි ගොනුවක් තුළ රුපියල් 25,000 ක් තබා ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලසක් ලබාදිමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.
සේරුනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම ඉඩම් ගැටළුව විසඳා ගැනීම සඳහා ගැටළු සහිත ලිපි ගොනුව තුළට රුපියල් 25,000 ක් තබා ලිපි ගොනුව සහකාර ඉඩම් කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබේ.
ලිපි ගොනුව පරික්ෂා කිරිමේදී අල්ලස් මුදල දුටු සහකාර ඉඩම් කොමසාරිස් බී.නිජාහරන් මහතා මේ බව උප්පුවේලි පොලිසියට දැනුම් දිමෙන් පසු වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්.එම්.නිහාර් මහතාගේ මෙහෙයවිම යටතේ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.