ත්‍රිකුණාමලයේ ඩෙගු පැතිරෙයි


(සිරාජ් හසීම්)

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ ගණනාවක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් ගතවූ දින හතර තුළදී ත්‍රීකුණාමලය මහ රෝහලේදී රෝගීන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් එම රෝහලේ පරිපාලන නිලධාරී සී.කෝනාරත්න මහතා පවසයි.
 
මිය ගිය අය අතර වයස අවුරුදු හතක කුඩා දරුවෙකු ද සිටින බවත් ගතවූ මාස දෙක තුළ ඩෙංගු රෝගීන් 800ක් පමණ ත්‍රීකුණාමලය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද ඒ මහතා කියයි.
  
ගතවූ මාස දෙක තුළ එම පළාතේ ඩෙංගු රෝගීන් 1421 දෙනෙකු පිළිබඳ වාර්තා තිබෙන බවට නැගෙනහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකදී අනාවරණය විය.

මේ අනුව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළාතේ ඩෙංගු රෝගය පැතිරීමේ අවධානම අවම කරගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත.