ත්‍රි රෝද අනතුරින් තිදෙනෙකුට තුවාල


(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ග්‍රෙස්වෙස්ටන් වතු මාර්ගයේ ග්‍රෙස්වෙස්ටන් තේ කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ වැදීමෙන් අද (06) දහවල් සිදු වු  අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.


ත්‍රී රෝද රථවල රියදුරන් දෙදෙනා හා පිටුපස ගමන් ගත් අයෙකු මෙසේ තුවාල ලබා තිබේ. තුවාල ලැබු ත්‍රී රෝද රථ දෙකේ රියදුරන් දෙදෙනා  ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර සුළු තුවාල ලැබු අනෙක් පුද්ගලයා වතු රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.


මෙම අනතුර සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.