තහනම් දැල් යොදා මසුන් ඇල්ලු 6 ක් අත්අඩංගුවට



 
(පද්මා කුමාරී කංකානම්ගේ )
 
ධීවර කටයුතු සඳහා භාවිතය තහනම් වන,තංගුස් දැල් කට්ටල හයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, පුත්තලම සින්නපාඩුව වෙරළේදී ඊයේ (21) පුත්තලම තම්බපන්නී නාවුක හමුදා කදවුර අත්අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබදව, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී පැවසුවේ තංගුස් දැල් භාවිතය, නිසා සයුරේ සහ කලපුවේ ජලජ පද්ධතියටත්,ජලජ ජීවීන්ටත්,විශාල වශයෙන් හානි පැමිණෙන බවයි.

1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතින් තංගුස් දැල් සන්තකයේ තබා ගැනීම,ධීවර කටයුතුවල නියැලීම සපුරා තහනම් බව ඔහු පැවසුවේ ය.

සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.