තහනම් ඖෂධ සමග ෆාමසි හිමියා මාට්ටු


(එච් එම් ධර්මපාල)

නීති විරෝධි මත්පෙති අලෙවි කළ බව කියන ඖෂධසල් හිමිකරුවකු මත්පෙති 1400 ක් සමග කිරුළපන පන්සල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඔ දකුණ කොටිඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

අත්අඩංගුවට පත් සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (44 ) ක්ද වන අතර , කිරුළපන ප්‍රදේශයේ ඖෂධ වෙළෙසලක්ද පවත්වාගන යමින් තරුණ පිරිස් මත්පෙති භාවිතයට යොමුකරමින් අධික මිල ගණන්වලට ඒවා අලෙවි කරමින් සිටින පුද්ගලයකුද  බවත් පොලීසිය කියයි.

කිරුළපන ප්‍රදේශයේ මත්පෙති භාවිතයට තරුණයඑන් වැඩි වශයෙන් යොමුවී ඇති බවට කොටිඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 40820 ලසන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා මෙම වැටලිම සිදු කර ඇත. 

කොළඔ දකුණ කොටිඨාස භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රී, කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර යන මහතුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඔ දකුණ කොටිඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 40820 ලසන්න , පොලිස් කොස්තාපල්වරුන් වන 70211 අබේසිංහ, 89464 සම්පත් , 95655 බණ්ඩාර යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.