(හැටන් රංජිත් රාජපක්ෂ)
කූට ලේඛන සකස් කරමින් තලවකැලේ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම නිලධාරින්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලු අවස්ථාවේ ඝාතනය කර තිබු කිරි එලදෙනකගේ ගව මස් කිලෝ 244 සහ ගව ඝාතනට යෙදා ගත් බව සැකකෙරෙන උපකරණ රැසක්ද හමුවී ඇත.
එම ගව ඝාතකාගාරය අසළ ඝාතනය කිරිමට සුදානම් කර තිබු එළදෙනක්ද මුදා ගැනිමට එම නිලධාරින් සමත් වී ඇත.
සැකකරු විසින් කූට ලෙස වෙනස් කරන ලද බලපත්‍ර කිහිපයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.